ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ උද්ධමනය 50 % ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ උද්ධමනය 50 % ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ජූනි මාසයේ උද්ධමනය 54.6 % ක් ලෙස වාර්තා වීමත් සමගිනුයි.

එය මැයි මාසයේ පැවතියේ සියයට 39.1 ක් ලෙසයි.

උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වී තිබෙනවා.

ආහාර කාණ්ඩය තුළ ජුනි මාසයේ දී, නැවුම් මත්ස්‍ය, එළවළු, පාන්, සහල් සහ කිරිපිටි මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් පෙට්‍රල්, ඩීසල්, පාසල් ප්‍රවාහන ගාස්තු සහ බස් ගාස්තු, ආපනශාලා සහ හෝටල්, අධ්‍යාපනය, සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් යන උප කාණ්ඩවල මිල ඉහළ යාමකුයි පෙන්නුම් කර ඇත්තේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »