
ඔස්ටේරලියාවේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ජාත්‍යන්තර සිසුන්ට ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ අධ්‍යයන පාඨමාලා, නිබන්ධන හෝ පර්යේෂණ මාතෘකාව වෙනස් කිරීමට නොහැකි නව කොන්දේසිය අද සිට බලාත්මක වනවා.
ශිෂ්‍ය වීසා 500 වීසා උප ඛාණ්ඩයට මෙය අදාළ වන බවයි ස්වදේශ අමාත්‍යංශය නිවේදනය කලේ.
කෙසේවෙතත් අදට පෙර හිමිවන ශිෂ්‍ය වීසාවලට මෙම නීති අදාළ වන්නේ නැහැ.

ඒ අනුව පහත අධ්‍යයන අංශවල නිරතවන සිසුන්ට අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව පාඨමාලාව, නිබන්ධනය හෝ පර්යේෂණ මාතෘකාව වෙනස් කිරීමට කිසිදු අවසරයක් හිමිවන්නේ නැහැ.
graduate certificate
graduate diploma
master’s degree
doctorate
ශාස්ත්රපති උපාධියක් (master’s degree) හෝ ආචාර්ය උපාධියක් (doctorate) සඳහා අධ්යයන හෝ පර්යේෂණ පාඨමාලාවක් සඳහා prerequisite හෙවත් පූර්ව අවශ්යතාවයක් ලෙස අවශ්ය ඕනෑම bridging course එකක්
කිසියම් පාඨමාලාවක් වෙනස් කිරීම ඔස්ටේ්‍රලියාවේ ජාතික ආරක්ෂාවට සෘජුව හෝ වක්‍රව තර්ජනයක් වීමට ඉඩක් නොමැති බවට ස්වදේශ අමාත්‍යවරයා විසින් නිසි තක්සේරුවක් ලබා ගැනීමෙන් පසුව පමණක් ඒවා වෙනස් කිරීමට අනුමැතිය දීමට ප්‍රතිපාදන හිමිවනවා.
