Search

මයිටාවෙක් නිසා ඕස්ට්‍රේලියාවේ මී මැස්සන් ලොක්ඩවුන් කරයි

මරාන්තික පරපෝෂිත මයිටාවන් විශේෂයක් ඕස්ට්‍රේලියාවේ මී මැසි ජනපද ආක්‍රමණය කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එම මයිටාවන් විශේෂය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මී මැස්සන් මිලියන ගණනක් ඔවුන් සිටින ප්‍රදේශ තුළම සිරකර තැබීමට හා ඔවුන් සිටි වදවලින් ලබාගත් පැණි වෙනත් ප්‍රදේශවලට රැගෙන යාම තහනම් කිරීමටයි ඔස්ට්‍රේලියාව පියවර ගෙන ඇත්තේ.

අදාළ මයිටාවන් විශේෂයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවත් මී මැස්සන් දහස් ගණනක් විනාශ කිරීමට සිදුවනු ඇති බව ද ඔස්ට්‍රේලියාව පවසනවා.

මී මැස්සන්ගේ ශරීරයේ පරපෝෂිතයින් ලෙස ජීවත්වන මෙම මයිටාවන් විශේෂය ලොව වෙනත් රටවල මී වද තුල සිටියදී මීට පෙර හඳුනාගෙන තිබුණත් ඕස්ට්‍රේලියාවෙන් හඳුනාගෙන ඇත්තේ පළමුවරටයි.

ඒ අනුව සිඩ්නි නුවර ඇතුළුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් නගර 06 ක මී මැසි ජනපද පරීක්ෂාවේදී එම මයිටාවන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තල ඇටයක ප්‍රමාණයෙන් යුතු මෙම මයිටාවන් විශේෂය සිය ප්‍රජනනය සිදුකරනු ලබන්නේ මී මැසි ජනපද තුළ පමණක් බවයි පර්යේෂකයින් පවසන්නේ.

එම මයිටාවන් මී මැස්සන්ගේ ශරීරය තුළට වී ඔවුන් දුර්වල කරමින් පරපෝෂිතයින් ලෙස වැඩෙන අතර මී මැස්සන් අතර වෛරස් සම්ප්‍රේෂණය ද සිදුකරන බව පර්යේෂකයින් පවසනවා.

කෙසේවෙතත් මෙම මයිටාවන් ඔස්ට්‍රේලියාව තුළ තවදුරටත් ව්‍යාප්ත වුවහොත් මී පැණි නිෂ්පාදන කර්මාන්තයට වසරකදී ඩොලර් මිලියන 70ක් පමණ අහිමිවනු ඇති බවටයි ආර්ථික විශේෂඥයින් පුරෝකථනය කරන්නේ.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ආහාර නිෂ්පාදන කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවත්, එරට ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් පමණ වන ආමන්ඩ්, ඇපල් සහ අලිගැටපේර ඇතුළු මී මැසි පරාගණය මත රඳා පවතින බෝග වගාවන් අර්බුදයට ලක්වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »