
ඔස්ට්‍රේලියාව තුළ නව COVID-19 ආසාදන ඉහළ යන බැවින් තමන්ගේ තුන්වන හෝ හතරවන බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය Mark Butler සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය උපදේශවලට අනුව අවම වශයෙන් එන්නත් මාත්‍රා තුනක්වත් නොමැති නම් මිනිසුන් Omicron ප්‍රභේදයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා නොවන බව ඔහු පැවසීය.
තම දරුවන්ට ඉන්ෆ්ලුවන්සා සඳහා ඇති එන්නතද ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය Mark Butler දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉන්ෆ්ලුවන්සා රෝගයට සම්බන්ධ රෝගී තත්ත්වයක් ඇතිව රෝහල් ගත කරන පුද්ගලයින්ගෙන් 60% ක් පමණ වයස අවුරුදු 16 සහ ඊට අඩු ළමුන් බවද ඔහු පැවසීය.
වික්ටෝරියා ප්‍රාන්තය විසින් නොමිලේ flu එන්නත් ලබා ගැනීමේ කාලසීමාව ජුනි 30 සිට ජූලි 10 දක්වා දීර්ඝ කර ඇත.

ටස්මේනියා ප්‍රාන්ත වැසියන්ට ඔවුන්ගේ flu එන්නත් ජූලි 6 දක්වා නොමිලේ ලබා ගත හැකිය.
-SBS-