Search

මාස 06 කදී 03 වන වරටත් KFC මිළ ඉහළට / Lettuce වෙනුවට ගෝවා

මෙම වසර තුළදී 03 වන වරටත් ආහාර වට්ටෝරු මිළ ගණන් ඉහළ දැමීමට KFC සූදානම් වනවා.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ උද්ධමනය ඊට හේතුවී ඇති බවයි ඔවුන් නිවේදනය කලේ.

සියයට 1 – 2 ත් අතර අගයකින් ඔස්ටේ්‍රලියාව පුරා පිහිටා ඇති KFC අවන්හල් 261 සඳහාම මෙම මිළ වැඩි කිරීම බලාත්මක වනු ඇති.

මේ අතර මිළ ගණන් අධික ලෙස ඉහළයාමත් සමග lettuce සඳහා විකල්පයක් ලෙස ගෝවා යොදා ගැනීමට සිදුව ඇතැයි ද KFC සඳහන් කරනවා.

එමෙන්ම අගෝස්තු වනවිට Wraps අලෙවිය නතර කිරීමට සිදුවනු ඇති බවද අනාවැකි පළකර තිබෙනවා.

පසුගිය ජනවාරි සහ ජූනි මස මුළදීත් ආහාර මිළ ගණන් ඉහළ දැමීමට KFC කටයුතු කලා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »