වසරකදී ඔස්ටේ්‍රලියාවේ අලෙවි වූ නිවාසවලින් 1/5 ක් $ මිලියනය ඉක්මවයි

මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ ඔස්ටේ්‍රලියාව තුළදී අලෙවි කල නිවාසවලින් සියයට 20 කට වැඩි ප්‍රමාණයක් ඩොලර් මිලියනය ඉක්මවා අලෙවි වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

අදාළ කාල සීමාව තුළදී මෙරටදී අලෙවි කර ඇති සමස්ත නිවාස සංඛ්‍යාව 596,733 ක්.

ඉන් සියයට 23.8 ක් ඩොලර් ලක්ෂ 10 ඉක්මවා අලෙවි වූ නිවාස බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

මින් වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇත්තේ සිඩ්නි නගරයේදීයි.

පසුගිය වසරේ අදාළ කාලයේදී අලෙවි වී ඇති නිවාස ගණන 497,923 ක්.

ඒ අනුව මෙම වසරේ එම කාලය තුළ අලෙවි වී ඇති නිවාස සංඛ්‍යාවද සියයට 20 කින් පමණ වැඩිවී තිබී විශේෂත්වයක්.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »