ඔස්ටේ්‍රලියාව තුළ නිරාගමිකයන් සංඛ්‍යාව ඉතිහාසයේ ඉහළම අගයට

ඔස්ටේ්‍රලියාව තුළ නිරාගමික එනම් කිසිදු ආගමක් නොඅදහන සංඛ්‍යාව ඉතිහාසයේ ඉහළම අගය සටහන් කර තිබෙනවා.

2021 ජන සංගණනයට අනුව ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 40 කට වැඩි පිරිසක් පවසා ඇත්තේ තමන් කිසිදු ආගමක් නොඅදහන බවයි.

මෙම ප්‍රතිශතය 2016 සංගණනයේදී සටහන්වී තිබුණේ සියයට 30 ක් ලෙසයි.

ඔස්ටේ්‍රලියාවේ වැඩිම පිරිසක් අදහන ආගම බවට ක්‍රිස්තියානි ආගම පත්ව ඇති අතර හින්දු ආගම සහ ඉස්ලාම් ආගම අදහන ජනතාවගේ සංඛ්‍යා කැපී පෙනෙන අන්දමින් ඉහළගොස් තිබෙනවා.

2016 සංගණනය හා සැසඳීමේදී හින්දු ආගම අදහන ප්‍රතිශතය සියයට 55.3 කින් වැඩිවී තිබෙනවා.

දැනට ඔස්ටේ ්‍රලියාව තුළ සිටින ඉස්ලාම් භක්තිකයන් ගණන 813,392 ක් වන අතර එය සමස්ත ජනගහණයෙන් සියයට 3.2 ක්.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »