චීන සමාගම ලංකාවට නඩු දායි.. අපහාස වන්දිත් ඉල්ලයි..

ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර නෞකාව වෙනුවට අලුත් පොහොර නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි බව ලැබූ චීනයේ ෂින්ඩාවෝ එන් බයෝටෙක් සමාගම දැනුම්දී තිබේ.

එම සමාගමේ මෙරට නියෝජිතයා හරහා මෙම දැනුම්දීම කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

යම් හෙයකින් එම පොහොර තොගය භාර නොගන්නේනම් ඒ වෙනුවෙන් වන්දියක් පවා ගැනීමට සිදුවන තත්ත්වයක් ඇතැයිද මෙරට නියෝජිතයා දැනුම් දී ඇත.

ප‍්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය වෙනුවට වෙනත් තොගයක් ලබාදිය නොහැකි බවත් අදාල පොහොර තොගය ප්‍රතික්ෂේප කළහොත් එය සමාගමේ අපකීර්තියට පත් කිරීමක් සේ සලකනු ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇතැයි නියෝජිතයා සඳහන් කර ඇත.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන එකහමාරක් පමණ මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුවනු ඇතැයි ද නියෝජිතයා පෙන්වා දී ඇත.

ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර නැවට ගෙවිය යුතු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදල ගෙවා අවසන් නමුත් එම මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැත.

-LankaCNews-

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »