ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලින් 1/3 ක් සේවකයින් සොයා ගැනීමේ දුෂ්කරතාවක

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලින් තුනෙන් එකකට පමණ තම රාජකාරී කරගැනීමට කාර්ය මණ්ඩලය සොයා ගැනීමේ දුෂ්කරතා පවතින බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

ප්‍රචාරණය කරන ලද තනතුරු සඳහා අයදුම්පත් නොමැතිකම හා අයදුම් කරන පුද්ගලයින් තුළ අදාළ කුසලතා නොමැතිකම ඊට ප්‍රධාන හේතු බව පෙනී ගොස් ඇත.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ජුනි මාසය සඳහා වන ව්‍යාපාරික තත්ත්වයන් සඳහා කරන ලද සමීක්ෂණයේදී මෙම දත්ත හෙළිවී තිබේ.

සුදුසුකම් ලත් ගොඩනැගිලි ඉදිකිරීම් ආශ්‍රිත සේවකයින්, ලිපිකරුවන්, කම්කරුවන්, අලෙවි කාර්ය මණ්ඩලය සහ hospitality ක්ෂේත්‍රයේ සේවකයින් සොයා ගැනීමට ඔස්ට්‍රේලියාව තුළ මේ වන විට දැඩි අපහසු තත්ත්වයක් ඇති බව එහිදී අනාවරණය විය.

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර සඳහා සුදුසු සේවකයින් සොයා ගැනීමේ අපහසුතාවට බලපාන සාධක ප්‍රධාන ඛාණ්ඩ තුනක් යටතේ හඳුනාගැනීමට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සමත්වී සිටියි.

SOURCE / CREDIT – ABS / SBS

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »