සිඩ්නි – මෙල්බන් නාගරික ප්‍රදේශ අතහැර Regional පදිංචිවීම් ඉහළට

ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් ඔස්ටේ්‍රලියාවේ Regional ප්‍රදේශ වෙත සංක්‍රමණය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වසර 05 කට පසු ඉහළම අගය සටහන් කර තිබෙනවා.

සිඩ්නි – මෙල්බන් වැනි ජනාකීර්ණ නගරවල නාගරික කලාප අතහැර එලෙස ප්‍රාදේශීය කලාප වෙත යොමුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට 16.6 කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්.

විශේෂයෙන් වයස අවුරුදු 24 ත් 40 ත් අතර වයස් කාණ්ඩයේ මෙන්ම අවුරුදු 40 ත් 56 ත් අතර වයස් කාණ්ඩයේ පිරිස් අතර මෙම ප්‍රවණතාවය දක්නට ලැබෙන බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

නාගරික කලාපවලට සාපේක්ෂව වියදම් අඩුවීම මෙන්ම ස්ථිර පදිංචිය ලබාගැනීමට පහසුවීම මීට ප්‍රධාන හේතු ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

Regional ප්‍රදේශවල කෘෂිකාර්මික – නිෂ්පාදන – සිල්ලර වෙළඳාම් සහ ආගන්තුක සත්කාර අංශවල රැකියා අවස්ථා බහුලවීම සහ ආයෝජන අවස්ථා ඉහළ අගයක් ගැනීමද ප්‍රධාන කරුණක් වනවා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »