ක්වින්ස්ලන්ඩ් ඉතිරි COVID නීති සහ සීමා ද ලිහිල් කරයි

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තය ජුනි 30 වැනි දින අලුයම 1 සිට COVID-19 නීති සහ සීමාවන් ලිහිල් කර ඇත.

ජුනි 30 වැනි දින අලුයම 1 සිට, residential aged care, disability හෝ බන්ධනාගාර වෙත යාමට කොවිඩ් එන්නත් කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ.

එසේම, මුල් ළමාවිය, ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය, බන්ධනාගාර, තරුණ රැඳවුම් මධ්‍යස්ථාන, watch houses සහ ගුවන් තොටුපළ ඇතුළුව ඉහළ අවදානම් සහිත ස්ථානවල සිටින සේවකයන් සඳහා ද ඔවුන්ගේ සේවායෝජකයාට අවශ්‍ය නම් පමණක් කොවිඩ් එන්නත් කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ.

සෞඛ්‍ය සේවා, රෝහල්, aged care සහ disability care යන ක්ෂේත්‍රවල සේවකයින් සඳහා තවමත් කොවිඩ් එන්නත් අනිවාර්ය බව ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk පැවසුවාය.

ක්වින්ස්ලන්ඩ් පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් සඳහා COVID-19 පරීක්ෂණ අවශ්‍යතා ජුනි 30 සිට ඉවත් කර ඇත.

-SBS-

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »