ඉල්ලා අස්වු වික්ටෝරියා ඇමතිවරුන් වෙනුවට නව පිරිසක්

ඉල්ලා අස්වු ඇමතිවරුන් වෙනුවට නව පිරිසක් අනුයුක්ත කිරීමට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධ අවසන් තීරණයක් ගැනීම සඳහා වික්ටෝරියා පාර්ලිමේන්තුවේ පාලක පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හෙට පෙරවරු 10 ට රැස්වීමට නියමිතයි.

දැනට පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය අගමැති ධුරය ඇතුලු සියලු තනතුරු සඳහා පත් කරනුයේ කවුරුන්ද යන්න එහිදි තීන්දු කිරීමට නියමිතයි.

මෙම වසරේ පැවැත්වෙන වික්ටෝරියා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට වික්ටෝරියා හි ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් 04 දෙනෙකු ඊයේ තීරණය කලා.

නියෝජ්‍ය අගමැති ජේම්ස් මර්ලීනෝ – සෞඛ්‍ය ඇමති මාර්ටින් ෆොලී – පොලිස් ඇමතිනී ලීසා නෙවිල් සහ ක්‍රීඩා හා සංචාරක ඇමති මාර්ටින් පැකියුලා මීට අයත්.

ඔවුන් 04 දෙනාම අද පාර්ලිමේන්තුවේදී ඒ බව නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

මෙම ඉල්ලා අස්වීම්ද සමග වික්ටෝරියා ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකෙරෙනු ඇති.

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »