පලුදු සබඳතා ශක්තිමත් කරගැනීමට අගමැති ඇල්බනීස් ලබන සතියේ ප්‍රංශයට

ප්‍රංශය සමග පලුදුවී ඇති සබඳතා නැවත ශක්තිමත් කරගැනීමේ අපේක්ෂාවෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් ලබන සතියේදී ප්‍රංශයේ නිල සංචාරයකට එක්වීමට සූදානම් වනවා.

ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් සමග ද්විපාර්ශවික සාකච්ඡාවකට එක්වීමටයි ඔහු සූදානමින් පසුවන්නේ.

පැවති ස්කොට් මොර්සන් රජය විසින් අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය සමග ඔස්ටේ්‍රලියාවද අත්සන් තබන ලද ගිවිසුමක් ප්‍රකාරව ඊට ඉහතදී ප්‍රංශයෙන් මිළදී ගැනීමට එකගවූ සබ්මැරීන් ප්‍රමාණයක් මිළයට ගැනීමේ ගිවිසුමක් අවලංගු කෙරුණා.

ඒ සමග ඔස්ටේ්‍රලියාව සහ ප්‍රංශය අතර මතභේදාත්මක තත්වයක් හටගත්තා.

ප්‍රංශය සමග පලුදුව පවතින සබඳතා නැවත ඇතිකරගැනීමට තමා අගමැතිවරයා බවට පත්වුවහොත් කටයුතු කරන බවටද ඇන්තනී ඇල්බනීස් පසුගිය ෆෙඩරල් මැතිවරණයේදීත් සහතික වුණා.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »