Search

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් නව සංචාරක බද්දක්

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයන්ගෙන් නව බද්දක් අය කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කොවිඩ් තත්වය හමුවේ අඩාලවූ ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා අමතර ඩොලර් බිලියන 44 ක මුදලක් 2032 වසර වනවිට උපයා ගැනීම එහි අරමුණ වී ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් පුරා විහිදී පවතින සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නඩත්තුව මෙන්ම ජාතික උද්‍යාන පවත්වාගෙන යාමට නව බද්ද ඉවහල් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අනුව රාත්‍රී නවාතැන් ගැනීමේදී බිල්පතට එක් කරන අමතර ගාස්තුවක් සහ ජාතික උද්‍යාන වැනි ස්ථානවලට පිවිසීමේදී අය කෙරෙන අමතර ගාස්තුවක් ලෙස මෙම අමතර බද්ද පැණවීමට නියමිතයි.

එක් එක් නාගරික කවුන්සිලය විසින් එය නියම කරනු ලැබිය යුතු අතර බොහෝ දුරට සියයට 05 ත් 08 ත් අතර අගයක පවතිනු ඇතැයි සඳහන්.

කොවිඩ් තත්වයත් සමග අඩාල වූ ක්වින්ස්ලන්ඩ් දේශීය සංචාරක කර්මාන්තය නැවත යථා තත්වයට පත්ව ඇතත් විදේශීය සංචාරකයන් පැමිණිම තවමත් සියයට 60 ක පමණ අඩුවකුයි පෙන්නුම් කෙරෙන්නේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »