Medibank පාරිභෝගිකයන්ට අමතර $ මිලියන 205 ක්

Medibank පාරිභෝගිකයන්ට අමතර ඩොලර් මිලියන 205 ක මුදලක් හිමිවීමට නියමිතව තිබෙනවා.

කොවිඩ් ප්‍රතිකාර සඳහා වියදම් කරන ලද මුදල් මෙලෙස ආපසු ඔවුන්ගේ බැංකු ගිණුම් වෙතම බැර වනු ඇති.

රෝහල් රක්ෂණාවරණයක් හිමි පුද්ගලයන්ට ඩොලර් 128 ක පමණ මුදලක් ද සාමාන්‍ය රක්ෂණාවරණයක් හිමි පුද්ගලයන් ඩොලර් 28 ක පමණ මුදලක්ද මේ අනුව ලැබීමට නියමිතයි.

මීට අමතරව වැඩිකල Premium අය කිරීම නොවැම්බර් 01 වනදා කල් දැමීමටද තීරණය කර තිබෙනවා.

කොවිඩ් තත්වය හමුවේ අමතර ලාභ නොලබන බවට දුන් සහතිකය ඉටු කිරීමක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවයි Medibank අවධාරණය කරන්නේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »