NSW අයවැයෙන් සංශෝධන රැසක් – පඩි මදි කියා ගුරුවරුන් වර්ජනයක

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අයවැය අද ප්‍රාන්ත භාණ්ඩාගාරික මැට් කීන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

පළමු වරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් මුද්දර ගාස්තුවෙන් නිදහස් කිරීම ප්‍රධාන අයවැය යෝජනාවක්.

පාසල් ළමුන් සඳහා ඩොලර් 150 ක වටිනාකමින් යුත් නව වවුචර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

ජීවන වියදම ඉහළ යාම හමුවේ දෙමව්පියන්ට අමතර පිරිවැයක් දැරීම අවම කිරීමේ අරමුණ ඇතිවයි එම යෝජනාව හඳුන්වා දී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු ආදිවාසින්ගේ සුභ සාධනය වෙනුවෙන් මෙවර නිවු සවුත් වේල්ස් අයවැයෙන් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 716 ක්.

කාබන් විමෝචනය අවම කිරිමේ පුරෝගාමී ප්‍රාන්තය බවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පත්වීම සඳහා අවශ්‍ය යෝජනා ගණනාවක්ද මෙවර අයවැයට අන්තර්ගතයි.

මේ අතර නිවු සවුත් වේල්ස් හි සියලුම රාජ්‍ය පාසල්වල ගුරුවරුන් ලබන 30 වනදා වැඩ වර්ජනයක නිරතවිමට තීරණය කර තිබෙනවා.

අඩු වැටුප් සහ සේවක හිගයට විරෝධය දැක්වීම එහි අරමුණයි.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »