Search

සිංහ – කැන්ගරු 4 වැනි සටන අද / වාර්තා අලුත් කිරීමට ලංකාව තරග බිමට

ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අදයි.

අද පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී තරගය ආරම්භ වීමට නියමිතයි.

තරග 2 ට 1 ක් ලෙස ජයගෙන තරගාවලියේ පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටිනවා.

ඒ ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමින්.

ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවයි.

1992 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු ඔස්ටේ්‍රලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග 2 පිට පිට ජය ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයක දී ඔස්ටේ්‍රලියාවට එරෙහිව සිය මව්බිමේදී පිට පිට එක්දින තරග 2 ක් ජය ගැනීමට අපොහොසත් වුණා.

එහෙත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි සහ තුන්වන එක්දින තරග 2ම ජය ගනිමින් තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණට පැමිණ තරගාවලි ජයග්‍රහණයක් ආසන්නයට පැමිණ සිටිනවා.

අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමේ අවකාශ උදාවනවා සේම වසර 31 කට පසු පළමු වතාවට ඔස්ටේ්‍රලියාව සිය මවුබිමේදී පළමු වතාවට පරාජය කිරීමටද සමත්වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට විදෙස් රටකදී තරගාවලියක් 2011 වසරේදී ජය ගෙන තිබෙන නමුත් ඔස්ටේ්‍රලියාවට සිය මව්බිමේදී පරාජයට පත් කර ඇත්තේ ඉහතින් සඳහන් කළ 1992 වසරේ පැවැති තරගාවලියේදී පමණයි.

එබැවින් වසර 31 ක් පැරණි ඉතිහාසය හෙට දිනයේද වෙනස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණහොත් එය එක්දින ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමි”මට වැඩි දායකත්වයක් ලැබෙනු ඇති.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »