ඔස්ටේ්‍රලියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 50 ක ආධාරයක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යාතා සපුරාලීම වෙනුවෙන් ඩොලර් මිලියන 50 ක ආධාර සැපයීමට ඔස්ටේ්‍රලියානු රජය තීරණය කර තිබෙනවා.

කොළඹ පිහිටි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කලේ ලෝක ආහාර වැඩසටහන යටතේ හදිසි ආධාරයක් ලෙස ඩොලර් මිලියන 22 ක මුදලක් වහාම මුදා හැරීමට නියමිත බවයි.

ලාංකිකයන් ලක්ෂ 30 කට එමගින් සහන හිමිවීමට නියමිතයි.

මීට අමතරව 2022-23 කාලසීමාවට අදාළව සංවර්ධන සහය යටතේ තවත් ඩොලර් මිලියන 23 ක මුදලක් ශ්‍රී ලංකාවට පිරිනැමිමටද ඔස්ටේ්‍රලියානු රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා – ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුලු කරුණු කිහිපයක් වෙනුවෙන් එම මුදල් ලබාදීමට නියමිතයි.

ඉතිරි ඩොලර් මිලියන 05 එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමටයි ඔස්ටේ්‍රලියා රජය පියවර ගෙන ඇත්තේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »