
ඔස්ටේ්‍රලියාවට එරෙහි 03 වන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 06 ක විශිෂ්ඨ ජයක් හිමිවුණා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 291 ක්.
ට්‍රැවිස් හෙඩ් නොදැවී 70 යි.

නායක ඒරන් ෆින්ච් 62 ක්ද ඇලෙක්ස් කේරි 49 ක්ද ලබාගත්තා.
පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ ළකුණු 49 කට කඩුලු 03 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ශ්‍රී ලංකාව පන්දුවර 48 යි පන්දු 03 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.
තරගයේ වීරයා වූ පැතුම් නිස්සංක 137 යි. මෙය ඔහුගේ පළමු එක්දින ශතකයද වනවා.
කුසල් මෙන්ඩිස් 87 ක් රැස්කලා.
ඔවුන් දෙදෙනා එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබඳතාව ළකුණු 170 ක්.
පන්දු යැවීමේදී ජායි රිචර්ඩ්සන් ළකුණු 39 කට කඩුලු 02 යි.
ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පැවති 100 වන එක්දින තරගය මෙය වන අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් හඹාගොස් ජයගත් වැඩිම ළකුණු සංඛ්‍යාවද මෙය වනවා.
මේ අනුව තරග 05 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
දෙරට අතර 04 වන එක්දින ක්‍රිකට් තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.