JobSeeker දීමනා ක්‍රමයට ජූලි 01 දා සිට වෙනස්කම් කිහිපයක්

JobSeeker දීමනා ක්‍රමයට ජූලි පළමුවනදා සිට වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.

පැවති ස්කොට් මොරිසන් රජය විසින් මෙම සංශෝධන හඳුන්වාදුන් අතර එය මුලුමනින්ම ඉවත් නොකර වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකිරීම කෙරෙහියි වත්මන් ලේබර් රජයේ අවධානය යොමුවී ඇත්තේ.

මෙහි අඩංගු ප්‍රධාන සංශෝධනයක් වන්නේ මාසයකට රැකියා 20 ක් සඳහා අයදුම් කිරීමට JobSeeker ප්‍රතිලාභ අවශ්‍ය වූ JobActive scheme ක්‍රමය අහෝසි කිරීමයි.

ඒ වෙනුවට Workforce Australia නමින් නව ක්‍රමයක් හඳුන්වාදෙන අතර ඒ යටතේ රැකියා සඳහා අයදුම් කිරීම – සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීම හා පුහුණුව ලැබීම මත ප්‍රසාද ළකුණු 100 ක් හිමිවනු ඇති.

මොරිසන් රජය ගෙනා නව ක්‍රමය තරමක් සංකීර්ණ වුවද එය මුලුමනින්ම ඉවත් කිරීමට කල් මදි බවයි ලේබර් රජය පෙන්වා දෙන්නේ.

එබැවින් ඊට සංශෝධන කිහිපයක් පමණක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »