ප්‍රවීණ රංගනවේදිනී ලියෝනී කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගනවේදිනී ලියෝනී කොතලාවල අද දින සිය ජීවන චාරිකාව නිමාකළ අතර මියැදෙන විට ඇය 74 වැනි වියෙහි පසුවූවාය.

ජී. ඩී. එල්. පෙරේරාගේ නාට්‍යවලින් කලා ලොවට පිවිසි ලියෝනි කොතලාවල අද දින සිය උපන්දිනය සමරයි.

“සාමා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිනමාවට එක්වූ ඇය “චණ්ඩාළි”, “පිපෙන කුමුදු”, “වජිරා”, “රජ දරුවෝ” සහ “පුනරුප්පත්තිය” වැනි චිත්‍රපටවල රඟපෑවාය. ඡායාරූපශිල්පී තිස්ස කොතලාවලයන් සමගින් විවාහ වීමෙන් අනතුරුව “ලියෝනි වීරසිංහ” වූ ඇය “ලියෝනි කොතලාවල” නමින් ප්‍රකට වුවාය.

“සෝමාගේ සිහිනය”, “තාරාදේවී”, “චරිත තුනක්”, ‘කුමාරිහාමි”, “චාරුලතා”, “අරවින්ද සහ ඉන්දු”, “හිරුට මුවාවෙන්” යනාදී ටෙලි නාට්‍යවල රඟමින් ජනප්‍රිය වූ ඇය මෑතකදී රංගනය කළ “එකමත් එක රටෙක”, “මචං”, “බොරදියපොකුණ”, “බන්ධනය” වැනි චිත්‍රපට අතර සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” හි කුසුම්ගේ නැන්දණිය ලෙසින් කළ චරිතය ඇගේ සිනමා භාවිතාවේ අතිශය ප්‍රශස්ත රංගනයකි.

ඇය සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ ඒ වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා ද නිර්දේශ වූවාය.

පුංචි තිරයේද ඇය මෑතකදී විකාශය වූ “අමා” ටෙලිනාට්‍යයේ නැනෝ අම්මාගේ චරිතයෙන් ජනාදරයට පත් අතර මේ දිනවක විකාශය වන “සංගීතේ” ටෙලිනාට්‍යයේ ඇය රංගනය කරන බලපත්‍රධාරී බිසෝ මැණිකේගේ චරිතය අතිශය ජනප්‍රියය.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »