ඉදිරිපෙළ සේවකයන්ට නිවු සවුත් වේල්ස් රජයෙන් නව නිවාස

ඉදිරි පෙළ සේවකයන් ඇතුලු විශාල පිරිසකට ප්‍රතිලාභ හිමිවන පරිදි රජයේ අනුග්‍රහයෙන් නව නිවාස සංකීර්ණ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැලසුම් කර තිබෙනවා.

ඉදිරි පෙළ සේවකයන් – ගුරුවරුන් – පොලිසිය – හෙදියන් සහ වයස අවුරුදු 50 ට වැඩි අවිවාහකයන්ට එමගින් නිවාස ඒකකයක හිමිකාරීත්වය දැරිය හැකියි.

වටිනාකමින් සියයට 40 ක මුදලක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් දරනු ලබන අතර වැය කිරීමට යෝජිත සමස්ත මුදල ඩොලර් මිලියන 780.4 ක්.

පළමු අධියරේදී 3000 ක පිරිසක් මීට සුදුසුකම් ලබන අතර ඔවුන් තනි පුද්ගලයෙකු ලෙස වසරකට ඩොලර් 90,000 ක ආදායමක් හෝ දෙදෙනෙකු ලෙස නම් ඩොලර් 120,000 ක ආදායමක් ලැබිය යුතු වනවා.

වසර 02 ක් පුරා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම වැඩපිළිවෙල ස්ථිරවම ක්‍රියාවට නැංවිමයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ උත්සාහය වන්නේ.

2023 වසරේ ජනවාරි සිට මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ සඳහන් කලා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »