හිටපු අගමැති මොරිසන්ගෙන් නැවතත් ලාංකික ආහාර වේලක්

හිටපු අගමැති ස්කොට් මොරිසන් සැළකෙන්නේ ශ්‍රී ලාංකික ආහාර පාන කෙරෙහි ඉහළ කැමැත්තක් දක්වන්නෙකු ලෙසයි.

ඔහු විසින් මීට පෙර අවස්ථා ගණනාවකදී විවිධ ලාංකික ආහාර වර්ග සකස් කර සමාජ මාධ්‍යයේ පළකර තිබුණා.

පසුගිය මහ මැතිවරණයේදීත් එවක අගමැතිවරයාව සිටියදී ස්කොට් මොරිසන් විසින් සකස් කරන ලද ලාංකික කුකුල් මස් ව්‍යාංජනයක් අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

මේ අතර ඊයේ දිනයේදීත් හිටපු අගමැති මොරිසන් විසින් ලාංකික ආහාරවේලක් සකස් කර තිබුණා.

කුකුල් මස් ව්‍යාංජනයක් මෙවරත් ඔහු විසින් සකස් කර ඇති අතර එය සකස් කරන ආකාරයද ස්කොට් මොරිසන් විසින් පළකර තිබීම විශේෂත්වයක්.

ශීත සෘතුවේ ශීතල මග හරවා ගැනීමට මෙම ආහාර වේල මනා පිටිවහලක් බවයි හිටපු අගමැතිවරයා පවසා තිබුණේ.

ලාංකික සූපවේදීන් ඇතුලු විශාල පිරිසක් මීට ප්‍රතිචාර දක්වා තිබීමද විශේෂත්වයක්.

https://www.facebook.com/scottmorrisonmp/posts/pfbid0h63onP1XxAjod3ZAWYELsaMp1tykfcwwVN4JoybdQAtCRy2bhkyAdQBVcpwUNrmzl?__cft__[0]=AZX5RTOKqLynLRHh8S3YD3xxz_Qgmh8p3k4J972Aj3ckmPjtk4pgQrC-9ABBIJ2MQ2osV_NoZl3bSKITl84rncJ7rIxqKhO-SGRZBGz4zxb7xNWZE5f5K-qtOzLw_gT6x5_V2InNPguLEPFIeub_E6oV2L2lbUvezYMd8pgDHEAnZQ&__tn__=%2CO%2CP-R

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »