
ඔස්ටේ්‍රලියාවේ ගුවන් තොටුපළ රැසක මුහුණු ආවරණ පැළඳීමේ අනිවාර්ය අවශ්‍යතාවය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරුණා.
මේ අනුව නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් සහ ප්‍රාන්තවල ගුවන් තොටුපළවලදී මුහුණු ආවරණ පැළඳීම මේ වනවිට අනිවාර්ය වන්නේ නැහැ.
බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ ගුවන් තොටුපළවලද අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම නීතිය ලිහිල් වනවා.

කෙසේවෙතත් දකුණු ඔස්ටේ්‍රලියා සහ වික්ටෝරියා ප්‍රාන්තවල ගුවන් තොටුපළ තුළදී මුහුණු ආවරණ රෙගුලාසි ලිහිල් කිරීමක් සම්බන්ධයෙන් මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
ගුවන් යානා තුළදී මුහුණු ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය වන නමුත් ක්වන්ටාස් ගුවන් සේවය පසුගියදා නිවේදනය කලේ තෝරාගත් ගමනාන්ත කිහිපයක් සඳහා එම නීතිය ලිහිල් කරන බවය.

මේ අතර හැකි සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ භාවිතයට ජනතාව දිරිමත් කරන බවයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති කමිටුව සඳහන් කර සිටින්නේ.