යුක්රේන සංචාරයක නිරතවන්නැයි අගමැති ඇල්බනීස් ට ආරාධනා

යුක්රේනයේ සංචාරයක නිරතවන්නැයි එරට ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි විසින් අගමැති ඇන්තනී ඇල්බනීස් ට ආරාධනා කර තිබෙනවා.

ඔහු එම ආරාධනය පිළිගෙන ඇති අතර බොහෝ දුරට මෙම මාසය අගභාගයේදී යුක්රේන සංචාරයක නිරත වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

නේටෝ සංවිධානයේ සාකච්ඡාවක් සඳහා අගමැතිවරයා යුරෝපා සංචාරයක නිරතවීමට නියමිත අතර එහිදී යුක්රේනය බලා පිටත්ව යනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ෆෙඩරල් මැතිවරණයේදී ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා අගමැති ඇල්බනීස්ට සුභ පැතුම් ලිපියක්ද එවා තිබුණා.

එමෙන්ම මීට සති කිහිපයකට පෙර ඔහු ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවද අමතනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »