ලංකාවේ බිත්තර ආප්පවලට වහ වැටුණු ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයා

තමා වඩාත් කැමතිම ශ්‍රී ලාංකික ආහාරය බිත්තර ආප්ප බව ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩක ඈෂ්ටන් ඒගාර් පවසනවා.

ඊයේ පැවති තරගය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

ඈෂ්ටන් ඒගාර් ගේ මව සෝනියා හේවාවිස්ස නම් ශ්‍රී ලංකාවේදී උපත ලද තැනැත්තියක වන අතර ඇය පසුව ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වී තිබුණා.

ඈෂ්ටන් ගේ මුත්තණුවන් ගේ නිවස මහනුවර පිහිටා තිබෙනවා.

මෙම සංචාරයට පැමිණි අවස්ථාවේදී ඔහු එම නිවස බැලීමටද ගොස් තිබුණා.

තමා ආරුගම්බේ වැනි වෙරළාසන්න ප්‍රදේශවල සංචාරය කිරීමට වඩාත් කැමති බවද ඈෂ්ටන් ඒගාර් ප්‍රකාශ කලා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »