ඔස්ටේ්‍රලියාවේ ඉන්ධන බදු කපා හැරීම ප්‍රථිඵලදායක බව හෙළිවෙයි

ෆෙඩරල් රජය විසින් ඉන්ධන බදු කපා හැරීම ප්‍රථිඵලදායක බව අනාවරණ වී තිබෙනවා.

පෙට්‍රල් ලීටරයකට අය කල සත 44.2 ක බද්ද අඩකින් එනම් සත 22.1 කින් කපා හැරීමට මධ්‍යම රජය පසුගිය මාර්තු මාසයේදී කටයුතු කලේ ඉහළ යන ජීවන වියදම සැළකිල්ලට ගෙනයි.

එය ලබන සැප්තැම්බර් 28 වනදා දක්වා බලාත්මක වන අතර සිඩ්නි – මෙල්බන් – බ්‍රිස්බන් නගරවල පෙට්‍රල් මිළ සැළකිය යුතු මට්ටමකින් අඩු වීමට එය ඉවහල් වී ඇති බවයි ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම සඳහන් කලේ.

මාර්තු 29 වනදා සිට අප්‍රේල් 19 වනදා දක්වා කාය තුළ සියලු ප්‍රධාන නගරවල පෙට්‍රල් මිළ ගණන් සත 42 කින් පමණ පහළ ගොස් ඇති බවයි අනාවරණ වන්නේ.

යුකරේන – රුසියා අර්බුදය නොවේ නම් ඉන්ධන මිළ තවත් අඩු කිරීමට අවස්ථාව පවතින බවත් පාරිභෝගික කොමිසම සඳහන් කරනවා.

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »