මුරුගප්පන් පවුල අගමැති හමුවෙයි – ළගදීම PR ලැබෙන ළකුණු

දැඩි කථාබහකට ලක්වූ මුරුගප්පන් පවුලේ සාමාජිකයන්ට ඔස්ටේ්‍රලියාව තුළ ස්ථිර පදිංචිය හිමිවන ළකුණු පළවී තිබෙනවා.

ඔවුන් අද පෙරවරුවේි ක්වීන්ස්ලන්ඩ් හිදී අගමැති ඇන්තනී ඇල්බනීස් හමුවුණා.

තමන්ට ස්ථිර පදිංචිය ලබාදෙන්නැයි මුරුගප්පන් පවුලේ සාමාජිකයන් එහිදී ඉල්ලා ඇති අතර අගමැතිවරයා එහිදී දන්වා ඇත්තේ තමාට ඊට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි.

තමන්ට වීසා නිකුත් කිරීමට මැදිහත්වීම පිළිබඳ මුරුගප්පන් පවුලේ සාමාජිකයන් මෙහිදී අගමැති ඇල්බනීස්ට ප්‍රසාදය පළකර තිබෙනවා.

කෙසේවෙතත් කුමන කාලයකදී වීසා නිකුත් කිරීමක් සිදුවේදැයි මේ දක්වා අනාවරණ වී නැහැ.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »