ඊයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙද්දී කොරෝනා ආසාදිත කුලී රථ රියදුරෙකු දින 8ක් පුරා රෝගීව සිට සේවයේ නිරත වී තිබේ.

ඊයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙද්දී කොරෝනා ආසාදිත කුලී රථ රියදුරෙකු දින 8ක් පුරා රෝගීව සිට සේවයේ නිරත වී තිබේ.
A Sydney taxi driver who tested positive for coronavirus after working eight days while infectious was recorded, while another COVID-19 death was reported in New South Wales yesterday.

වයස අවුරුදු 70ක නිව් සවුත් වේල්ස් වැසියෙකු වැළඳී ඊයේ මිය ගොස් ඇති අතර එමඟින් එම ප්‍රාන්තයේ වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 55 දක්වා ඉහල ගොස් ඇත​.

ඊයේ දිනයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ අතර එක් අයෙකු හෝටල් නිරෝධායනයකින් වන අතර අනෙක් පුද්ගලයා සිඩ්නි කුලී රථ (13CABS) රියදුරෙකු වන අතර ඔහු දින අටක් ආසාදනය වී සිඩ්නි සහ දකුණු වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ගොස් ඇත.

පහත දැක්වෙන ස්ථාන සහ වේලාවන් හි සිටි පුද්ගලයින් කුලී රථ රියදුරුගේ සමීප සම්බන්ධතාවයක් ලෙස සලකනු ලබන අතර, ඔවුන් පැයකට වඩා වැඩි කාලයක් ගත කළ ඇතිනම් කොරෝනා පරීක්ෂාවට ලක් කර වහාම හුදෙකලා විය යුතුය:

Campbelltown Golf Club, Glen Alpine සැප්තැම්බර් 16 ප.ව 2.00 සිට ප.ව.4.30 දක්වා
Milton Ulladulla Ex Servos Club සැප්තැම්බර් 12 වන දින ප.ව 2.00 සිට 6:15 දක්වා
Carlo’s Italian Restaurante Bar & Seafood, Ulladulla සැප්තැම්බර් 12 වන දින රාත්‍රී 8:00 සිට 9:30 දක්වා
Bannisters Pavilion Rooftop Bar & Grill, Mollymook සැප්තැම්බර් 13, ප.ව. 12.30 සිට ප.ව.2.15 දක්වා
Mama Wok, MacArthur Square Campbelltown සැප්තැම්බර් 9 වන දින ප.ව. 1.30 සිට ප.ව.2.30 දක්වා

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »