ඔස්ටේ්‍රලියාවට 301 ක ඉලක්කයක් – මෙන්ඩිස්ගෙන් විශිෂ්ඨ ඉණිමක්

ඔස්ටේ්‍රලියාවට එරෙහි පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ශක්තිමත් ඉණිමක් ගොඩ නගනු ලැබුවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 300 ක්.

කුසල් මෙන්ඩිස් නොදැවී 86 යි.

පැතුම් නිස්සංක 56 ක්ද – ධනුෂ්ක ගුණතිලක 55 ක්ද – චරිත් අසලංක හා වනිඳු හසරංග 37 බැගින්ද ලබාගත්තා.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ අද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත්තේ එම තත්වයට පත්වු 204 වැන්නා ලෙසයි.

තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ හිදීයි.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »