විදුලි ව්‍යාපෘතියක් අදානිට දෙන්නැයි ජනපති ගෝඨා බලකරලා ???

මන්නාරම සුළං බල ව්‍යාපෘතිය කිසියම් නිශ්චිත පුද්ගලයකුට හෝ ආයතනයකට ප්‍රදානය කිරීමට නියම කළ බවට කෝප් කමිටුවේදී විදුලිබල මණ්ඩල සභාපතිවරයා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ට්ව්ටර් පණිවුයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වගකියයුතු සන්නිවේදනයක් ඇති කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය පෙරේදා දිනයේදී කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කෙරුණා.

ඊට පිළිතුරු දුන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය අදානි සමාගමට දෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දුන් බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක් ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන් යුතුව නිසි ක්‍රියාදාමයන් අනුව පැවරීම බවයි.

ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යාවශ්‍ය වී ඇති මේ අවස්ථාවේ දී පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වුව ද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරාගැනීමේ දී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව පාරදෘශ්‍ය පරිපාටියක් යටතේ ක්‍රියාත්මක කරන බවයි එහි දැක්වෙන්නේ.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »