ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ඒ දසුන් ශානකගේ නායකත්වයෙන් යුක්තවයි. පැතුම් නිස්සංක / ධනුෂ්ක ගුණතිලක / කුසල් මෙන්ඩිස් / චරිත් අසලංක/ ධනංජය සිල්වා හා දිනේෂ් චන්දිමාල් සංචිතයට ඇතුලත්.
භානුක රාජපක්ෂ / නිරෝෂන් දික්වැල්ල / වනිදු හසරංග / චාමික කරුණාරත්න / දුෂ්මන්ත චමීර හා අසිත ප්‍රනාන්දු සංචිතයට ඇතුලත් වනවා.
19 න් පහල කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මෙම සංචිතයට ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.
සංචිතයේ සෙසු සාමාජිකයන් වන්නේ නුවන් තුෂාර / රමේෂ් මෙන්ඩිස් / මහීෂ් තීක්ෂණ / ප්‍රවීන් ජයවික්‍රම/ ජෙෆ්රි වැන්ඩර්සි / ලහිරු මධුසංඛ/ හා ප්‍රමෝද් මධුෂාන්.
සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.
ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 14 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.