හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ නම මැතිවරණ කොමිසම වෙත භාර දී තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා තහවුරු කලේ පොදුජන පෙරමුණු මහලේකම් සාගර
කාරියවසම් විසින් පැමිණ එම නම භාරදුන් බවයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ අද දිනයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කල තාක්ෂණ හා ආයෝජන
ප්‍රවර්ධන අමාත්‍ය ධුරය ධම්මික පෙරේරාට පිරිනැමෙනු ඇති බවයි.