ජොනි අල්ලන්න වරෙන්තු – මිලාන්ට ඇප – සනත් නිශාන්ත යළි රිමාන්ඩ්

මැයි 09 වනදා ප්‍රචන්ඩ සිදුවිම් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු වහා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබා දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුව කල ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර අදාළ සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුලු 13 දෙනෙකු ඇප මත මුදා හරින්නැයිද අධිකරණය නියම කළා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු,

ඩෑන් ප්‍රියසාද් සහ තවත් අයෙකු ඇතුලු පිරිසක් ලබන 15 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා

කොවිඩ් එන්නත නිසා ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව හෙළිවෙයි

කොවිඩ් වෛරස් මර්දනය සඳහා ලබාගත් එන්නත් හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 11,000ට අධික පිරිසක් මිය ගොස් ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හෙට එන අයවැයෙන් ලැබෙන තවත් සහනයක්

දරු උපතකදී සේවා ආයතනයෙන් හිමි වන වැටුප් සහිත මාපිය නිවාඩු සහ Medicare සේවාවන් සඳහා හෙට ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයෙන් බිලියන ගණනක අරමුදල් ලැබීමට නියමිත බවට වාර්තා වනවා.

Read More »