iPhones භාවිත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

යුරෝපීය කොමිසම විසින් ඇපල් සමාගමට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ යුරෝපයේ අලෙවි කරන අයිෆෝන්ස් වල කනෙක්ටර් වෙනස් කළ යුතු බවටයි.

ඒ අනුව සියලූම වර්ගවල ජංගම දුරකථන, ටැබ්ලට් සහ කැමරා සඳහා එක හා සමාන charging ports ඇතිකළ යුතුය යනුවෙන් යුරෝපීය සංගමයේ සාමාජික රටවල් එකගවී තිබෙනවා.

2024 වනවිට අයිෆෝන්ස් වල කනෙක්ටර් වෙනස් කළ යුතු බවයි මෙම නව නියමයේ දැක්වෙන්නේ.

එක හා සමාන charging ports නිර්මාණය කරන ලෙස යුරෝපීය සංගමය අදාළ සමාගම්වලට වසර 10ක පමණ කාලයක් විටින් විට දැනුම් දී තිබුණා.

ඔවුන් එවැන්නක් කර තිබුණේ අයිෆෝන් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිත කරනු ලබන පාරිභෝගිකයින්ගෙන් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් හේතුවෙනුයි.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »