රැට්ටා ට ඇප – මෝටිවේෂන් අප්පච්චි CID හමුවට

පොලිස් අත්අඩංගුවට පත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔහු ඊයේ පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඊයේ පස්වරුවේ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලීසිය සඳහන් කළේ, පසුගිය 25 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පැවැති විරෝධතාවයකදී බන්ධනාගාර බස්රථයකට පහර දීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිම යන චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවය.

රතිඳු සේනාරත්න ඊයෙ පස්වරුවේ අරගලයේ ක්‍රියාකාරීන් සමග කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට පැමිණි අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව ඊයේ පස්වරුවේ රැට්ටා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මේ අතර සංජු සමරසිංහ හෙවත් මෝටිවේෂන් අප්පච්චි ඊයේ පස්වරුවේ රහස් පොලිසිය හමුවට පැමිණ තිබුණා.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »