අත්අඩංගුවට ගැනීමකදී ගම්මිරිස් ප්‍රහාරයකට ලක්වූ මෙල්බන්වාසියෙකු පොලිස් භාරයේ දී මරුට

protest

අත්අඩංගුවට ගැනීමකදී ගම්මිරිස් ප්‍රහාරයකට ලක්වූ 35 හැවිරිදි මෙල්බන්වාසියෙකු පොලිස් භාරයේ සිටියදී මියගොස් තිබෙනවා.

පහරදීම් සහ තර්ජන රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයෙකු Mildura ආසන්නයේ සිටින බවට වික්ටෝරියා පොලිසියට ඊයේ තොරතුරක් ලැබී ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.

එහිදී තියුණු ආයුධයකින් සන්නද්ව සිටි මොහු පාලනය කරගැනීමට පොලිසියට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුව තිබූ අතර එහිදී ගම්මිරිස් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.

පොලිසියට රැගෙන එන අතරතුර මෙම තැනැත්තා සිහිසුන් වී ඇති අතර ටික වේලාවකට පසු මියගොස් තිබෙනවා.

මරණයට සැබෑ හේතුව සොයා වික්ටෝරියා පොලිසිය විසින් පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »