බටහිර සහ දකුණු ඔස්ටේ්‍රලියා සියලු ප්‍රාන්තවාසීන්ට ලබන බදාදා සිට Flu එන්නත නොමිළයේ

බටහිර ඔස්ටේ්‍රලියා සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල සියලු ප්‍රාන්තවාසීන්ට ලබන මාසයේ සිට Flu එන්නත නොමිළයේ ලබාදීමට තීරණය කර තිබෙනවා.

ලබන බදාදා එනම් ජූනි 01 දා සිට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ සියලු ජනතාවට රාජ්‍ය ඖෂධ ශාලා – ෆාමසි හෝ GP මගින් එන්නත ලබාගත හැකියි.

අවුරුදු 05 ට වැඩි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවාසීන්ටද GP හෝ ෆාමසි මගින් එන්නත ලබාගත හැකියි.

මේ සඳහා ප්‍රාන්ත රජයට ඩොලර් මිලියන 5 ක පමණ පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි ප්‍රාන්ත අගමැති සඳහන් කලේ.

ජූනි 30 වනදා දක්වා මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »