Search

පුද්ගලික IVF ප්‍රතිකාර සඳහා යොමුවන NSW කාන්තාවන්ට $ 2000 ක උපකාරයක්

පුද්ගලික IVF ප්‍රතිකාර සඳහා යොමුවන කාන්තාවන් වෙනුවෙන් ඩොලර් 2000 ක උපරිමයකට යටත් වන මුදල් උපකාරයක් දීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

සිය ප්‍රතිකාර සඳහා වැයවන අධික මුදල පියවා ගැනීම සඳහා 12,000 කට මෙම මුදල් ආධාර දීමටයි ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

ඒ සඳහා ඩොලර් මිලියන 80 ක මුදලක් වෙන් කර ඇතැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සඳහන් කලා.

නිවු සවුත් වේල්ස් හි සෑම දරු උපත් 20 කින් එකක් IVF ප්‍රතිකාර යටතේ සාර්ථක වූ දරු උපත් බවද සඳහන්.

ලබන ඔක්තෝබර් පළමුවනදා සිට IVF ප්‍රතිකාර සඳහා යොමුවන කාන්තාවන්ට මේ සඳහා අයදුම්කල හැකි අතර දීමනා ගෙවීම ආරම්භ වන්නේ ජනවාරි 01 දා සිටයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »