Search

Nationals නායකත්වයත් වෙනස්වන ළකුණු

Nationals පක්ෂයේ නායකත්වයට බාර්නබි ජොයිස් ට අභියෝගයක් එල්ල වී තිබෙනවා.

පක්ෂයේ අභ්‍යන්තර හමුවක් ලබන සඳුදා දිනයේදී කැන්බරා හිදී පැවැත්වෙන අතර එහිදී නායකත්වයට අභියෝග කිරීමටයි හිටපු අමාත්‍යවරයෙකුද වන ඩැරන් චෙස්ටර් තීරණය කර ඇත්තේ.

Nationals පක්ෂයේ සැබෑ වෙනසක් සඳසා සුදුසුම කාලය එළැඹී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පැවති ලිබරල් සන්ධාන ප්‍රධාන හවුල්කාර පක්ෂය වූයේ Nationals පක්ෂය වන අතර ඒ අනුව බාර්නබි ජොයිස් ට නියෝජ්‍ය අගමැති ධුරයද හිමිවී තිබුණා.

පසුගියදා පැවති මැතිවරණයේදී ඔවුන්ට ආසන 16 ම රැකගැනීමට හැකිවූ නමුත් ඡන්ද ප්‍රතිශතයන්හි කැපී පෙනෙන පහළ යෑමකුයි වාර්තා වූයේ.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »