වීඩියෝ ක්‍රීඩා වෙනුවෙන් ඔස්ටේ්‍රලියානුවන් වසරකදී $ බිලියන 04 ක් වැය කරයි

2021 වසරේදී වීඩියෝ ක්‍රීඩා වෙනුවෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් ඩොලර් බිලියන 04 කට වැඩි මුදලක් වැය කර ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

මෙය වසරකදී ඒ සඳහා වියදම් කර ඇති වැඩිම මුදල බවයි සඳහන් වන්නේ.

මින් වැඩිම මුදලක් වැය වී ඇත්තේ ජංගම දුරකථන ක්‍රීඩා සඳහා වන අතර එම මුදල ඩොලර් බිලියන 1.5 ක්.

විශේෂයෙන් කොවිඩ් වසංගත තත්වයත් සමග පැණවූ දීර්ඝ ලොක්ඩවුන් කිරීම් හමුවේ පුද්ගලයන් නිවාසවලට කොටුවීම හේතුවෙන් වීඩියෝ ක්‍රීඩා සඳහා නැඹුරුවීම ඉහලයාම මීට බලපා තිබෙනවා.

මෙම තත්වය ඉදිරියටත් පැවතියහොත් 2024 වසර වනවිට සියයට 8.7 ක ආදායම් වර්ධනයක් ඇතිවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »