
අසනීප තත්වයට පත්වන හෝ අසනීප වූ වෙනත් අයෙකු රැකබලා ගැනීම වෙනුවෙන් කාලය වැය කිරීමට සිදුවන වික්ටෝරියා ප්‍රාන්තයේ casual හෝ contract රැකියාවක නිරත පුද්ගලයන් වෙනුවෙන් Sick Pay Guarantee ක්‍රමය හඳුන්වාදී තිබෙනවා.
මේ යටතේ වසරකට පැය 38 ක උපරිමයකට යටත් වන ගෙවීමක් සඳහා ඔබ සුදුසුකම් ලබනු ඇති.
වයස අවුරුදු 15 ට වැඩි – ඔස්ටේ්‍රලියාව තුළ රැකියා කිරීමට අවසර ඇති සහ සුදුසුකම් ලත් රැකියාවක සතියකට පැය 7 හාමාරකට වැඩි සේවයේ නියුතු ඕනෑම අයෙකුට මේ සඳහා අයදුම් කල හැකියි.

hospitality සේවකයන් / ආහාර කර්මාන්තයේ නිරත වන්නන් / සුපිරි වෙළඳසැල් සේවකයන් / සිල්ලර වෙළඳසැල් සේවකයන් / aged care සහ disability care සේවකයන් / පිරිසිදු කිරීම් හා Laundry සේවකයන් මෙන්ම ආරක්ෂක අංශයේ සේවකයන් මේ සඳහා සුදුසුකම් ලබනවා.
ස්වයං රැකියාවල නිරත වන වික්ටෝරියාවාසීන්ටද මේ සඳහා අයදුම් කල හැකි වනවා.

අදාළ සියලු තොරතුරු පහතින් :