මෙල්බන් යන ලාංකික සිසුන්ට ශ්‍රී ලංකන් වෙතින් පණිවුඩයක්

FlySmiLes “Student Club” හරහා සිසුන්ට බහුවිධ ප්‍රතිලාභ

2022 මැයි මස 26 වෙනිදා

විදේශයන්හි අධ්‍යාපනය ලබන සිසුන් සඳහා විවිධ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිරන්තර පියාසර කිරීමේ වැඩසටහන වන FlySmiLes “Student Club” යනුවෙන් විශේෂ ක්‍රියාවලියක් හඳුන්වා දී තිබේ.

දැනටමත් FlySmiLes සමඟ ලියාපදිංචි වී ඇති සිසුන්ට FlySmiLes අමතා ඔවුන්ගේ වත්මන් සාමාජිකත්වය ශිෂ්‍ය සාමාජිකත්වය බවට පත් කර ගැනීමෙන් මෙහි වරප්‍රසාද ලබාගත හැකිවේ.

අනෙකුත් සිසුන් සඳහා FlySmiLes වෙබ් අඩවියට පිවිසීමෙන් FlySmiLes ශිෂ්‍ය සමාජයට ඇතුළත් විය හැක.

සිසුන් ලියාපදිංචි වූ පසු ඔවුන්ගේ සාමාජික තලය දැක්වෙන ඩිජිටල් සාමාජික කාඩ්පතක් නිකුත් කරනු ලැබේ.

ශිෂ්‍ය සමාජයේ සාමාජිකයින්ට ඔවුන්ගේ අධ්‍යයන ගමන ආරම්භ කරන විට නියමිත ප්‍රතිලාභ හරහා ඉතුරුම් භුක්ති විඳීම අපේක්ෂා කළ හැකිය.

තෝරාගත් ගමනාන්ත වෙත අතිරේක ගමන් මලු මුදාගැනීම් සඳහා අවශ්‍ය සැතපුම් සඳහා සියයට 25 ක වට්ටමක් මෙමගින් ලබාගත හැකි වන අතර ශ්‍රී ලංකාවේ සිට නරීටා, සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, මාලදිවයින, ලන්ඩන්, මෙල්බර්න්, සහ මොස්කව් වැනි ගමනාන්ත අතර ගමන් කිරීමේදී අමතර සැතපුම් 3,000ක් උපයා ගැනීමට හැකිවේ.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන්ට තම ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අවශ්‍යතාවයෙන් සිටියි.

එමනිසා, මෙම FlySmiLes Student Club සේවාවා ඊට කදිම විසඳුම් සපයයි.

FlySmiLes ශිෂ්‍ය සමාජය එළිදැක්වීම FlySmiLes නිතර පියාසර කිරීමේ වැඩසටහනේ සිදුවෙමින් පවතින පුළුල් පරිවර්තනයක කොටසකි.

මගීන්ට ඔවුන් උපයන මයිල්ස් ප්‍රමාණය අනුව ත්‍යාග , දීමනා සහ ප්‍රතිලාභ ලබා ගැනීම තවදුරටත් අවස්ථාව සැලසී ඇත.

FlySmiLes ශිෂ්‍ය සමාජය පිළිබඳ වැඩි විස්තර සඳහා සහ ලියාපදිංචි වීමට පිවිසෙන්න

https://www.srilankan.com/flysmiles/about-flysmiles/student-club

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »