සුරංග ලක්මාල් ආබාධයක – AusLanka TV – Australian News for the Sri Lankan community

සුරංග ලක්මාල් ආබාධයක

සුරංග ලක්මාල් ආබාධයක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක සුරංග ලක්මාල් ආබාධයකට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි.

මෙම තත්ත්වය මත සුරංග ලක්මාල් හට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමිව ගොස් තිබේ.

සුරංග ලක්මාල් එංගලන්තයේ Derbyshire කණ්ඩායම සමඟ වසර 2ක කාලයක් සඳහා ගිවිසුමකට එළඹ ඇත.

මෙම තරගාවලියේ සුරංග ලක්මාල් මේ දක්වා පැවති තරගවලදී කඩුලු 15ක් දවාගැනීමට සමත් විය.

සුරංග ලක්මාල්ගේ වැලමිටේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වය සුවකිරීම සඳහා ඔහු ඉදිරියේදී ශල්‍යකර්මයකට ලක්කිරීමේ සූදානමක් පවතින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS