
ඔස්ටේ්‍රලියාවේ 31 වන අගමැතිවරයා ලෙස හෙට දිවුරුම්දීමෙන් පසු පළමු සතියේ සිදුකරන කාර්යයන් සම්බන්ධයෙන් ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් තොරතුරු හෙළිදරව් කලා.
ඇල්බනීස් ට අමතරව Penny Wong, Richard Marles, Katy Gallagher – Jim Chalmers යන අයද හෙට දිවුරුම් දෙනු ඇති.
නව අගමැතිවරයා ලබන අගහරුවාදා ජපානය බලා පිටත්ව යනවා.

ඒ Quad සාමාජික රටවල් හෙවත් ජපානය – අමෙරිකාව සහ ඉන්දීය රාජ්‍ය නායකයන් හමුවීම සඳහායි.
යළිත් බදාදා දිනයේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ඇල්බනීස් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ සෙසු කටයුතු සම්පූර්ණ කිරීමට නියමිතයි.

ඉදිරි සති කිහිපයේදී සියලුම ප්‍රාන්ත අගමැතිවරුන් සමග වෙන වෙනම සාකච්ඡා කිරීමටත් නව අගමැතිවරයා තීරණය කර තිබෙනවා.
COMMENTS