භාණ්ඩාගාරික Josh Frydenberg පරාජයෙන් ගැලවීමේ අසීරු සටනක

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg මෙල්බර්න් නුවර සිය Kooyong ආසනයේ බලය රඳවා ගැනීමට තවමත් ඉතා තියුණු සටනක් කරමින් සිටී.

තවමත් Kooyong ආසනයේ තැපැල් ඡන්ද ගණනය කිරීමට ඇති බැවින් ඔහු ඒවා පිළිබඳ විශ්වාසයෙන් සිටි.

දැනට ලැබී ඇති ප්‍රතිඵලවලට අනුව Kooyong ආසනයට තරග වදින Monique Ryan හට මනාප ඡන්ද 54.5% ක්ද Josh Frydenberg හට මනාප ඡන්ද 45.5% ක්ද හිමිව ඇතැයි සඳහන්.

2022 ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මැතිවරණයෙන් ජය ගැනීමට මෙතෙක් විපක්ෂය ලෙස කටයුතු කල ලේබර් පක්ෂය සමත්වුණා.

මේ අනුව 2013 වසරේ සිට පැවති ලිබරල් පාලනය නිමාවට පත්වන අතර අගමැති ස්කොට් මොරිසන්ට අගමැති ධුරයද අහිමි වුණා.

ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් මීලග අගමැතිවරයා ලෙස දිවුරුම්දීමටද නියමිතයි.

ඡන්ද දායකයන් මිලියන 17 ක් සුදුසුකම් ලබා සිටි ඔස්ටේ්‍රලියා මහ මැතිවරණය වේලාවෙන් අද පෙරවරු 08 ට ආරම්භවී පස්වරු 06 ට අවසන් වුණා.

ආර්ථීකය – උද්ධමනය – සංක්‍රමණ ගැටලු සහ දේශගුණ විපර්යාස ආදී කරුණු මෙවර ඔස්ටේ්‍රලියා ෆෙඩරල් මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබුණා.

ශ්‍රී ලංකාවට මෙවර ඔස්ටේ්‍රලියා මහ මැතිවරණය වැදගත් වූයේ ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයන් 02 දෙනෙකු සහ අපේක්ෂිකාවක තරග වැදීම හේතුවෙනුයි.

එයින් මෙල්බන් හි හෝල්ට් ආසනය සඳහා තරග වැදුණු ශ්‍රී ලාංකික රන්ජ් පෙරේරා පරාජයට පත් කරමින් පෙරමුණ ගැනීමට තවත් ලාංකික සම්භවයක් සහිත කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු සමත්විම විශේෂත්වයක්.

ඔස්ටේ්‍රලියාවේ ලේබර් පක්ෂ රජයක් බිහිවන්නේ වසර 09 කට පසුවයි.

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »