Search

මෙතෙක් ප්‍රථිඵල අනුව ලේබර් පක්ෂය ඉදිරියට

ෆෙඩරල් මැතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති ප්‍රථිඵල අනුව ලේබර් පක්ෂය ඉදිරියට පැමිණ සිටී.

ආරක්ෂක ඇමති පීටර් ඩට්න් ඇතුලු ලිබරල් රජයේ ඇමතිවරුන් ගණනාවක් සිය අසුන රැකගැනීමට අසීරු මට්ටමක සිටින බව සඳහන්.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg මෙල්බර්න් නුවර සිය Kooyong ආසනයේ බලය රඳවා ගැනීමට තියුණු සටනක් කරමින් සිටී.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වන්නේ ස්වාධීන අපේක්ෂිකා Monique Ryan ය.

ස්වාධීන අපේක්ෂක Monique Ryan දැනට අපේක්ෂකයින් දෙදෙනාගේ මනාප ඡන්ද පදනම මත 52% ක් සහ Frydenberg 47% ක් දක්වා ලබාගෙන සිටී.

රාත්‍රී 08.44 වනවිට ලද ප්‍රථිඵල අනුව කම්කරු පක්ෂයට ආසන 59 ක්ද ලිබරල් සන්ධානයට ආසන 44 ක්ද හිමිවී තිබිණ.

සෙනෙට් සභාවේ බලය තහවුරු කරගැනීමට ආසන 76 ක් දිනාගත යුතුයි.

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (21/05) පස්වරු 6 න් අවසන් විය.

ඒ අනුව මේ වන විට ඡන්ද ගණනය කිරීම ආරම්භ වී තිබේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »