සංචාරකයින්ට ජනපති අස්විය යුතුයි බෝඩ් අල්ලාගෙන ඉන්නත් පුලුවන්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථිකය හා ඉදිරි ගමන ගැන කරුණු පැහැදිලි කර තිබේ.

ඒ, ස්කයි නිවුස් සමග ඊයේ (19) පැවති සජීවි සාකච්ඡාවකදීය.

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ, අගෝස්තු සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවීමට ඉඩ ඇති අතර ගෝලීය ආහාර අර්බුදය ද ඇති වන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

ඉන්ධන මිල ඉහළ යාම අපට දැනෙනවා. මේ වෙලාවේ අපගේ ප්‍රධානතම ගැටලුව වගාවන්ට අවශ්‍ය පොහොර නොමැතිකමයි. ඒ නිසා ඊළඟ කන්නයෙන් සම්පූර්ණ නිෂ්පාදනය ලැබෙන එකක් නැහැ. අගෝස්තු සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. ගෝලීය ආහාර අර්බුදය ද ඇති වන කාලය එයයි. ඒ වගේම ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකම් අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා අපිට බලන්න වෙනවා.

මාධ්‍යවේදී ප්‍රශ්නය,

ණය ගෙවීමටවත් නොහැකි තත්ත්වයක සිටින අවස්ථාවක ඔබට උදව් කිරීමට ඉදිරිපත්ව සිටින ජාත්‍යන්තර හවුල්කරුවන්ට දෙන්න තියෙන පණිවුඩය කුමක් ද?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

ඔව් අපි දැනටමත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයක ඉන්නේ. අපිට ගෙවන්න සල්ලි තිබුණේ නැහැ. ඒක අපි පිළිගත යුතුයි. මට ඒ ගැන ලැජ්ජයි. නමුත් මේකයි යථාර්ථය. අපගේ හවුල්කරුවන් අපට හොඳ ප්‍රතිචාර දක්වා තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් සම්බන්ධ වී සිටිනවා. නමුත් ඔබ දන්නවා ඒ සඳහා කාලයක් ගතවෙනවා. විශේෂයෙන් ඉන්දියාව අපිට කඩිනම් ප්‍රතිචාර මේ වන විටත් ලබා දී තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගෙන් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි අපි හිතනවා.

මාධ්‍යවේදී ප්‍රශ්නය,

ජනාධිපතිතුමා තාම බලයේ ඉන්නවා, ඔහුගේ සහෝදරයා අගමැති ධුරයෙන් අයින් වුණා. මේ පවුල දශක දෙකක් තිස්සේ රට පාලනය කළා. ජනාධිපතිතුමා ඉල්ලා අස්විය යුතු නැද්ද?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

මේ පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් තියෙනවා. ගෝල්ෆේස් පිට්ටනයේ ඉන්න තරැණයන් කියන්නේ ඔහු අස්විය යුතුයි කියලා. සමහර දේශපාලන පක්ෂත් මේ මතයේම ඉන්නවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා. ඒත් ඔවුන් කියන්නේ නෑ ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව. මේ අනුව මත දෙකක් තියනවා. මම යෝජනා කරන්නේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර කලින් තිබ්බ 19 වෙනි සංශෝධනට අනුව පාර්ලිමේන්තුවේ හා අගමැතිවරයාගේ බලය වැඩි කරන එක යෝග්‍යයි. සියලු දේශපාලන පක්ෂවල නායකයින් හා ජනධිපතිවරයා කතා කර යම් එකඟතාවයකට පැමිණ අපේ අනාගත ව්‍යුහය සකස් කර ගත හැකියි.

මාධ්‍යවේදී ප්‍රශ්නය,

ශ්‍රී ලංකාව සංචාරකයන්ට ආරක්ෂිතද?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

සංචාරකයින්ට ශ්‍රී ලංකාව තුළ අපූරු අද්දැකීම් ලබා ගන්න පුලුවන්. ඔවුන්ට අවශ්‍ය නම් උද්ඝෝෂණයකට එක්වී ලංකාවේ ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි කියලා බෝඩ් එකක් අල්ලාගෙන ඉන්නත් පුලුවන්. එහෙත් ඔවුන්ගේ රටේ අගමැතිට ඉවත්වෙන්න කියලා පුවරුවක් ඔසවාගෙන ඉන්න පුළුවන්ද? මේ වගේ විකල්ප ගණනාවක් ඔවුන්ට අත්දකින්න පුලුවන්.

මාධ්‍යවේදී ප්‍රශ්නය,

ඇත්ත වශයෙන්ම මම බරපතල ප්‍රශ්නයක් ඇහුවේ. සංචාරක කර්මාන්තය රටක ආදායමේ වැදගත් කොටසක්. ඔබ සංචාරකයින් දිරිමත් කරන්නේ නැද්ද? මම බොහොම අව්‍යාජවයි ඒ ප්‍රශ්නය ඇහුවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

අපි සංචාරකයින් අධෛර්යමත් කරන්නේ නැහැ. නමුත් විදේශ විනිමය හිඟය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ රට තුළ සිදු වෙමින් ඇති උද්ඝෝෂණ හේතුවෙන් අපිට වැටහෙන්නේ ඔවුන්ට මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බවයි.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »