ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යෝජිත සංචිතය අද නම් කෙරුණා.
ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයන් 24 දෙනෙකු ඇතුළත්.
එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන් ශානක හොබවන අතර එම සංචිත සඳහා ද ක්‍රීඩකයන් 26 බැගින් ඇතුළත් වී තිබෙනවා.
එසේම, එක්දින සහ විස්සයි විස්ස සංචිතයට භානුක රාජපක්ෂ කැඳවා තිබීම ද විශේෂත්වයක්.
පන්දුවාර 20 තරග 03 ක් / එක්දින තරග 05 ක් සහ ටෙස්ට් තරග 02 ක් ඇතුළත් දීර්ඝ තරග සංචාරයක් සඳහා ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම තවත් සති 02 ත් ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ජුනි 07 වනදා සිට ජූලි 12 වනදා දක්වායි තරගාවලිය පැවැත්වෙන්නේ.