වික්ටෝරියා ආහාර දුර්වලතා මැඩලීමට ඩොලර් මිලියන 20 ක්

ආහාර ගැනීමේ දුර්වලතා ආබාධ සහිත වික්ටෝරියා ප්‍රාන්තවාසීන් වෙනුවෙන් ඩොලර් මිලියන 20 ක මුදලක් වෙන් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත මානසික සෞඛ්‍ය ජේම්ස් මර්ලීනෝ සඳහන් කලේ මෑතකදී ඉදිරිපත් කල අයවැය ලේඛණයේ ප්‍රතිපාදන ඒ සඳහා යොදාගන්නා බවයි.

ආහාර ගැනීමේ දුර්වලතා සහිත රෝගීන් වෙනුවෙන් මෙල්බන් නගරයේ රෝහල්වල පහසුකම් ඉහළ නැංවීමට මෙම මුදල් යෙදවීමට නියමිතයි.

එහිදී Regional ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමටද නියමිතයි.

වික්ටෝරියා මානසික සෞඛ්‍ය පිළිබඳ රාජකීය කොමිසමට අනුව මෑතකාලීන වසර කිහිපය තුළදීම ප්‍රාන්තයේ ආහාර ගැනීමේ දුර්වලතා පෙළෙන්නන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව සියයට 11 කින් ඉහළයාමකුයි දක්නට ලැබෙන්නේ.

කොවිඩ් තත්වයත් සමග එහි ඉහළයාමක්ද සටහන් වනවා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »